ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ස්ථාපිත කර තිබේ.
ඒ අනුව එය ඊයේ(03) දිනයේ සිට වසර 02 ක කාලයක් සඳහා පිහිටුවා ඇති අතර 2013 වසරේදී පිහිටුවන ලද ජාතික වැටුප් කොමිෂන් සභාව මේ අනුව අහෝසි වේ.
පුද්ගලයින් 23 දෙනෙකුගෙන් යුත් මෙම ආයතනයේ සභාපතිවරයා ලෙස කේ.ඒ.එල්. විජේරත්න මහතා පත්කර ඇති අතර අශෝක ජයසේකර මහතා කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ. මේසම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයද මේවනවිට නිකුත්කර තබේ.