පාර්ලිමේන්තුවේ කිසිදු සම්මත වීමකින් තොරව පනවා ඇති 15% වැට් බද්ද ඉතිහාසයේ පැනවූ ඇඟ බද්ද හා සමාන බද්දක් බව පළමු පෙරමුණ පවසයි.
රාජගිරියේදී අද (11දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම පෙරමුණ මේ බව පැවසීය.
ඉහළ ගිය වැට් බද්ද දුරකථන ගාස්තු සඳහා ඉහළ බලපෑමක් සිදුකළ බවත්, ඒ අනුව ලංකාවේ සෑම පුරවැසියෙකුටම මෙම බද්ද ගෙවීමට සිදුවන බවත් එම පෙරමුණේ කැඳවුම්කරු චන්ද්‍ර‘සේන විජේසිංහ සඳහන් කළේය.
සටහන හා ඡායාරූප - නිරාශා රණසිංහ