නව වැට් බදු සංශෝධනයක් සමග මැයි 02 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ජල බිල 4%කට ආසන්න අගයකින් ඉහළ යන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව මෙතෙක් ජල ඒකක 10 ට අය කළ රුපියල් 204 ක මුදල රුපියල් 212 දක්වාත්, ඒකක 15කට අය කළ රුපියල් 309 ගාස්තුව රුපියල් 320 දක්වාත්, ඒකක 20 කට අයකළ රුපියල් 519 මුදල රුපියල් 538 දක්වාත් ඉහළ ගොස් තිබේ.
මීට අමතරව ඒකක 20 ක් සඳහා අය කළ රුපියල් 1520 ක මුදල රුපියල් 1520 ශත 50 දක්වාත් ඉහළ ගොස් ඇති අතර, ඉන් වැඩි සෑම ඒකක ප්රමාණයක් සඳහාම 04%කට ආසන්න අගයකින් ජල ගාස්තුව ඉහළ යන බවද ජල සම්පාදන මණ්ඩල ප්රකාශකයෙක් සඳහන් කළේය.
ජල ගාස්තුව වෙනුවෙන් මෙතෙක් 11% ක බදු මුදලක් අය කළ බවත්, මේ අනුව මැයි 02 වැනිදා සිට ක්රියාත්මක 15% වැට් බදු සංශෝධනයට අනුව ජල ගාස්තුව 4% කට ආසන්න අගයකින් ඉහළ දැමූ බවත් එම නිලධාරියා පවසා සිටියේය.