චැසි අංක වෙනස් කොට ව්‍යාජ අංක තහඩු යෙදූ වාහනයක් භාවිත කිරීම සම්බන්ධයෙන් කම්කරු සේවා රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතාට සහ ඔහුගේ ලේකම්වරයෙකු බව කියන තවත් අයෙකුට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (14දා)බොරැල්ල පොලීසියට නියම කළේය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී කම්කරු සේවා රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා සහ ඔහුගේ ලේකම්වරයෙකු බව කියන කේ.ජී. පාලිත නමැත්තෝ අධිකරණයේ පෙනී සිටියහ.
චැසි අංක වෙනස් කොට ව්‍යාජ අංක තහඩු යෙදූ වාහනයක් භාවිත කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධියකට අදාළව බොරැල්ල පොලීසිය විසින් කරුණු ඉදිරිපත් කරන ලදී.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන ජූලි19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර අමාත්‍යවරයාට සහ ඔහුගේ ලේකම්වරයා බව කියන පුද්ගලයාට නියම කළේය.