වාස් ඇතුළු 06කට එරෙහි නඩුව විභාගයට
බම්බලපිටියේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සමාජය කැළඹීමට ලක්කළ සිද්ධියක් බව පිළිගත් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ට එරෙහි එම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීමට නියම කළේය.
මහාධිකරණ විනිසුරුවරැන් වන ලලිත් ජයසූරිය, ලියොන් සෙනෙවිරත්න සහ රෝහිණී වල්ගම යන විනිසුරු මඬුල්ල එම නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත්කරන ලදී.
2013.05.21 වැනිදා මොහොමඩ් අසම්දීන් මොහොමඩ් සියාම් නමැත්තා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සහ සාක්ෂි වසන් කිරීම යන චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා එල්ලකර ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් වන රවිඳු ගුණවර්ධන, උපපොලිස් පරීක්ෂක ලක්මිණ බමුණුසිංහ, කොස්තාපල් ගාමිණී සනත්චන්ද්‍ර, කොස්තාපල් ප්‍රියන්ත සංජීව හා කොස්තාපල් කැළුම් රංග දිසානායක නමැත්තන්ය.
ඝාතනය කරනු ලැබූ සියාම්ගේ මිතුරන් දෙදෙනෙකු වන මොහොමඩ් ෆවුස්ඩීන් හා ක්‍රිෂාන්ත කෝරලගේ නැමැත්තන් මුලින්ම මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබ සිටි අතර, වාස්ට එරෙහි නඩුවකදී ඇත්ත හෙළිකරන බවට ඔවුන් දෙදෙනා නීතිපතිවරයාට පොරොන්දු වීම නිසා මෙම නඩුවේ රජයේ සාක්ෂිකරුවන් බවට නම් කරමින් ඔවුන් නඩුවෙන් මුදාහැර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

