වාරියපොළ, ගලගෙදර ආර්ථික මධ්‍යස්ථානයේ තිබී වාහන 8ක් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.
පසුගිය මැතිවරණ සමයේදී එවකට පැවැති රජයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදාගන්නට ඇතැයි සැලකෙන මෙම වාහන අතර කැබ්රථ 5ක්, මෝටර් රථ 2ක්, ලොරි රථයක් තිබී ඇත.
එසේම යතුරු පැදි පහක්ද වූ බව පොලීසිය කියයි. මේවා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් ඒවා බවට සැකකරන බව පොලීසිය සඳහන් කළ අතර අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව වාහන සොයාගන්නා ලදී.