රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගි වන බැතිමතුන්ගේ පහසුව සඳහා මේ මස 30 වැනිදා පානදුර, මරදාන, රාගම අතර විශේෂ දුම්රිය සේවා 10 ක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව එදින උදේ 7.41 ට හා සවස 5.00 ට මරදානේ සිට රාගම දක්වාත්, උදේ 10.45 ට සහ සවස 2.25 ට පානදුර සිට රාගම දක්වාත් විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක වේ.
මීට අමතරව රාගම සිට උදේ 8.45, උදේ 10.17 සවස 4.30 ට, සවස 5.50 ට මරදාන දක්වාත්, දහවල් 12.50 ට රාගම සිට පානදුර දක්වාත් දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.