අමාත්‍යාංශ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර කාරක සභාව විසින් සිදුකරන පරීක්ෂණවලදී පරීක්ෂණ කටයුතු වාර්තාවලට පමණක් සීමානොකරන ලෙසට පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මේ අනුව අදාළ වාර්තාවලට නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ස්ථිර වැඩපිළිවෙළක් සහ අමාත්‍යවරුන් තම අමාත්‍ය ධුරයෙන් වැඩකටයුතු නිසි ලෙස සිදුකරනවාද යන්නත් සොයාබැලීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසටත් එම ලිපිය මගින් ඉල්ලා සිටි බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.