ශ්‍රී ලංකාවේ වාර්තාගතම විදුලි ඉල්ලුම පසුගිය 25දා වාර්තා වූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
එදින විදුලි ඉල්ලුම මෙගාවොට් 2452.9කට ආසන්න වූ බවත් එය සපුරාලීමට ගිගාවොට් පැය 42.35 ක් විදුලිය නිපදවූ බවත් අමාත්‍යවරයා පැවැසීය.
ඊට ආසන්නම විදුලි ඉල්ලුම අප්‍රේල් 5 දා වාර්තා වූ බවත් එය මෙගාවොට් 2393.4 ක් බවත් ඔහු පැවැසීය. මේ සඳහා ප්‍රධානම හේතුව ලෙස අධික උෂ්ණත්වය බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.