එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාව පිළිබඳ සකස්කළ වාර්තාව, මැක්ස්වෙල් පරණගම වාර්තාව හා උදලාගම වාර්තාව යන වාර්තා තුන අද (20දා) අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ඇමෙරිකාව ගෙන ආ ලදුව ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රහය දැක් වූ වාර්තාව හෙට දිනයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම මානව හිමිකම් කොමිසම පිළිබඳව අවශ්‍ය විවාදය බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයේදී ලබා දිය හැකි බවත් ඔහු සඳහන් කළේය.