පොලීසිය බියට පත්වී අධිකරණයට කරුණු වරද්දවා ඉදිරිපත්කොට ශාලිකා ක්රීඩාපිටියට ඒකාබද්ධ විපක්ෂය ඇතුළුවීම වළක්වමින් වාරණ නියෝගයක් ලබාගෙන තිබුණත් එකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට ජනතාව පැමිණීම වැළැක්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා කියයි.
හෙට පැවැත්වෙන මැයි රැළිය පිළිබඳව ප්රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය. එසේම ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය ශාලිකා පිටියට පැමිණීමට සැලසුම්කර නොතිබුණ බවත් ඔහු පැවැසීය.
පොලීසිය හා සාකච්ඡා කර මාර්ග කිහිපයක් සිය මැයි රැළිය වෙනුවෙන් වෙන්කරගෙන තිබුණ බවද ඔහු පැවැසීය.