දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා, අද රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි වැඩි වශයෙන් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවත්, කඳුකර ප්‍රදේශවල ඉතා තද වැසිද (මිලී මීටර් 150 කට වඩා වැඩි) බලාපොරොත්තුවෙන බවත් එම දෙපාර්තමේන්තුව ප.ව. 4.00ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.