ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම මාර්තු 02 දා සිට 04 දා දක්වා දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද දිනය සඳහා වන කාලගුණ නිවේදනය පෙ.ව. 5.30ට නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්ය.