වාද්දූව පොලිස් ස්ථානයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මිය යෑම සම්බන්ධයෙන් එහි හිටපු ස්ථානාධිපති ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පානදුර මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ. 2012 වසරේ සිදු වූ මෙම සිදුවීමට අදාළව කරනු ලැබූ විමර්ශන වලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (04දා) සිදුකරනු ලැබිය.