මහාපරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් අත්‍යවශ්‍යම භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ දමා තිබෙන නිසා රටේ සියලුම දෙනාට අඩු මුදලට භාණ්ඩ ලබාදීමට ජංගම රථවලින් භාණ්ඩ අලෙවි කිරීමට කටයුතු කරන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ඊයේ (04දා) පැවති අලෙවි සැල සහිත ජංගම රථ බෙදා දීමේ වැඩපිළිවෙළට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ලොරි රථ 100ක් ඊයේ දිනයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ස්වයං රැකියාලාභීන්ට බෙදා දෙනු ලැබිණි.
මෙහිදී අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළමු අදියර යටතේ ලබාදුන් ලොරි රථ 100ට අමතරව ඉදිරියේදී තවත් ලොරි රථ 200ක් ස්වයං රැකියාලාභීන් වෙත ලබාදෙන බවත්ය.
මෙම ලොරි රථයකින් සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 50කටත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 55ටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 60කටත්, සුදු සිනී කිලෝවක් රුපියල් 96කටත්, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 95කටත් ලබාදෙන බවද පවසා සිටියේය.
මීට අමතරව අනෙකුත් අතවශ්‍ය භාණ්ඩත් සාමාන්‍ය වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩුවෙන් ලබාදෙන බවත්, සතොස වෙළෙඳ සැල් 304 මගිනුත් මෙම මිල ගණන් යටතේ භාණ්ඩ ලබාදීමට කටයුතු කරන බවත් සදහන් කළේය.