කිරිබත්ගොඩ හැටන් නැෂනල් බැංකුවේ මුදල් ලබාගැනීමට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු සැකසහිත ලෙස හැසිරීම හේතුවෙන් බැංකු කළමනාකරුගේ දැනුම්දීම මත කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ කහවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු පෙරේදා (29දා) බලංගොඩ නගරයේදී ඔහුගේ ජිප් රථයත් සමග පැහැරගෙන ගොස් ඇති බවත්, ඉන්පසුව කොල්ලකෑම සදහා පැමිණි සැකකරුවන් දෙදෙනා විසින් ව්‍යාපාරිකයා ඊයේ (30දා) දින බැංකුවට රැගෙන විත් ඔහුගේ ගිණුමෙන් ලක්ෂ 12 ක පමණ මුදලක් ලබාගැනීම පැමිණ තිබෙන බවත්ය.
ව්‍යාපාරිකයාට අයත් ජීප් රථය සහ සැකකරුවන් පැමිණි මෝටර් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් දෙදෙනා බියන්විල සහ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.