හුංගම හා මහරගම ප්‍රදේශයන්හි මුස්ලිම් ජාතිකයන්ට අයත් ව්‍යාපාරික ස්ථාන ගිනිතැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් සිටින සැකකරු බොදු බල සේනා සංවිධානය සමග කටයුතු කරමින් සිටින බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සැකකරු අවුරුදු 32ක් වයසැති අවිවාහක පුද්ගලයක් බවත් ඔහුගේ පියා වෛද්‍යවරයෙකු බවත් පොලීසිය පවසයි. ඔහු වසර දෙකක පමණ කාලයක් යුද හමුදාවේ සේවය කර ඇති බවත් දැනට දෙහිවල ප්‍රදේශයේ අවන්හලක අරක්කැමියෙකු ලෙස කටයුතු කරන බවද එහි සඳහන් වෙයි.
ඔහු 2014 වසරේ සිට බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන බවත් එම සංවිධානය මගින් සංවිධානය කළ වැඩසටහන් රාශියකට සහභාගි වූ ක්‍රියාකාරී පුද්ගලයෙකු බවද පොලීසිය පවසයි.
එසේම ඔහුත් සමග සමීප සබඳතා පැවැත්වූ දැනට බොදු බල සේනා සංවිධානය සමග කටයුතු කරන පුද්ගලයන් හා ස්වාමීන්වහන්සේලා කිහිපදෙනෙකුගෙන් මෙම සිද්ධි සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රශ්න කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.