මුදල් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන, ව්‍යාපාරික කටයුතු පහසුකිරීමේ සංසදයේ 06 වැනි හමුව අද (03දා) කොළඹ 01, ශ්‍රීමත් රසීක් ෆාරිඩ් මාවතේ, මිලෝදා මූල්‍ය අධ්‍යයන ආයතනයේදී පැවැත්වේ.
ව්‍යාපාරික කටයුතු පහසුකිරීම සඳහාම කැපවුණු මෙම සංසදය, ව්‍යාපාරික කටයුවලට අදාළ කාර්ය පරිපාටි හා නියාමන ගැටලු විසඳීම සදහා සජීව සංවාද මණ්ඩපයක් වන අතර, ව්‍යාපාරික කටයුතු පහසුකිරීමේ මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කරමින් ස්වකීය ව්‍යාපාරික ගැටලුවලට එම අවස්ථවේම විසඳුම් සොයාගැනීමට පහසුකම් සලසනු ඇති බවද කියයි.
මෙම සංසදයට සහභාගී වන ලෙස මුදල් අමාත්‍යාංශය සමස්ත ව්‍යාපාරික ප්‍රජාවට සුහදව ආරාධනා කරනු ලබයි.