රූපලාවණ්‍ය විෂය සම්බන්ධයෙන් හා සෞඛ්‍යයට සම්බන්ධ නොයෙක් කටයුතු සිදුකරනු ලබන ආයතන රැසක් පැවතියද එම ආයතන පරීක්ෂා කිරීමට දැනට පවතින නීතිරීති ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අද (15දා) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අංශය වෙත පවතින නීති සංශෝධනය සකස් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට උපදෙස් ලබාදුන් බවද මේ වන විට ව්‍යාජ වෛද්‍යවරුන් 10,000ක් පමණ ඇති බවට තම අමාත්‍යාංශය වෙත තොරතුරු ලැබී ඇති බවත් විමර්ශන නිලධාරීන් හරහා නිතර සොයාබැලීම් සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.