බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාජ ආකාරයට ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කළ නියෝජ්‍ය අධිපතිවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසට දූෂණ විරෝධී පෙරමුණ මහ බැංකු අධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටියි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නමින් ගැසට් පත්‍රයක් නිකුත්කර තිබෙන්නේ මෙම වංචාව යට ගැසීමට බවද එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මේ නිසා ගැසට් පත්‍රය මුද්‍රණයට යවා තිබෙන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධිපතිවරයා බැඳුම්කර සිද්ධියේදී කටයුතුකර තිබෙන ආකාරය පිළිබඳව හා ගැසට් නිවේදනය නිකුත් කිරීම පිළිබඳව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මහබැංකු අධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවද පවසා සිටියේය.