ජාතියේ නිල සංකේතය වන ජාතික කොඩිය විකෘති කරනු ලැබීම බරපතල වරදක් වන අතර එවැනි කොඩි අත දැරීම සම්බන්ධයෙන් කණගාටු වෙන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.
පළාත් සභා මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් දූෂණ විමර්ශන කොමිසමට ලඟා වූ අවස්ථාවේ ඔහුට සහයෝගය දැක්වීම සඳහා සංවිධානය කොට තිබුණ විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටි ඇතැම් පුද්ගලයන් විසින් විකෘති කරන ලද ජාතික කොඩි අත දැරීම සම්බන්ධයෙන් සදහන් කරමින්ය. එම ව්‍යාජ කොඩි තමන්ගේ ආරාධනයකින් තොරව එහි පැමිණ සිටි රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයන් විසින් ප්‍රදර්ශනය කරමින් සිටි බව ගම්මන්පිල මහතා පැවසීය.
කෙසේවෙතත් මෙම උද්ගෝෂණයේදී බොදුබලසේනා, රාවනා බලය සංවිධාන වල සමාජිකයෝ මෙම ව්‍යාජ කොඩි අතැතිව සිටි අයුරු දක්නට ලැබුණු අතර උදය ගම්මන්පිල මහතා අතැතිව තිබුණේද ව්‍යාජ කොඩියකි