සකස් කිරීමට නියමිත නව ව්‍යවස්ථාව සඳහා උතුරේ ජනතාවගේ යෝජනා ලබාගැනීම වෙනුවෙන් උතුරු පළාත් සභාව විසින් ඊයේ (26දා) නව කමිටුවක් ස්ථාපිත කෙරිණි.
දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවසුවේ පළාත් සභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගෙන් යුතුව ව්‍යවස්ථා යෝජනා ලබාගැනීමේ පළාත් කමිටුව ස්ථාපිත කළ බවයි.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ සභාපතිත්වයෙන් නව කමිටුව බිහිකළ බවද හෙතෙම පැවසීය.