ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් පත් කිරීම ලබන සතිය තුළ දී සිදුකිරීමට නියමිතය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවසථා සංශෝධනය සම්මත වීමෙන් අනතුරුව කොමිෂන් සභාව වෙත පූර්ණ බලතල හිමිවිය. ව්‍යවස්ථාදායක සභාව සාමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විත වන අතර එයට කථානායක, අගමැති සහ විපක්ෂ නායකවරයා ව්‍යවස්ථාදායක සභාවේ නිල සාමාජිකයින්ය. මීට අමතරව ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු, අගමැතිවරයාගේ නියෝජිතයෙකු සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයෙකු ද ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතුය. සුළු පක්ෂ නියෝජනය කරන නියෝජිතයෙකු සහ සිවිල් සාමාජිකයින් තිදෙනෙකු ද ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතුවේ.