ව්‍යවස්ථාදායක සභාවට මන්ත්‍රීවරුන් පත්කිරීමේදී ඇමතිකම් නොදරන අය පත්කිරීමට තීරණය වී තිබේ.
කෙසේ නමුත් මෙම තීරණය මීළඟ පාර්ලිමේන්තුවේ සිට ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇත.
ඊයේ (09දා) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීරණය දැනුම් දී ඇත.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කළ ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස විදුලි හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා අධිකරණ අමාත්‍ය නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාද නම් කර තිබේ. නමුත් එසේ ඇමතිවරුන් ව්‍යවස්ථාදායක සභාවට පත්කිරීමට එරෙහිව විපක්ෂය විසින් කරුණු මතුකර ඇත.
ඒ අනුව එවැනි පත්කිරීම් වර්තමාන පාර්ලිමේන්තුවට අදාළ වන පරිදි පමණක් සිදුකිරීමට තීරණය විය.