ව්‍යවස්ථාදායක සභාවට අදාළ සිවිල් සාමාජිකයන්ගේ නම් අනුමත කරගැනීමට අද (09දා) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයේදී හැකිවේ යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ‘අද’ට පැවසීය. පාර්ලිමේන්තුව අද පස්වරු 01.00ට රැස්වීමට නියමිතය. කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණය පාර්ලිමේන්තුව ආරම්භයට ප්‍රථම පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන බවද හෙතෙම පැවසීය. විසිවැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇතැයිද ගයන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.