ව්‍යවස්ථා සම්පාදන අනුකමිටුවලින් ඉවත්වීමට ඒකාබද්ධ විපක්ෂ තීරණයක් ගත්තද මේ දක්වා ඉල්ලා අස්වීමේ ලිපි භාර නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා අද (20දා) පැවසීය.
මධ්‍යම පර්යන්ත සබඳතා පිළිබඳ අනුකාරක සභාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ලබාදුන් යෝජනා 14 නොසලකා වාර්තාව සකසා තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මධ්‍යම පර්යන්ත සබඳතා පිළිබඳ අනුකමිටුව රැස්වූ සෑම අවස්ථාවකදීම ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනයක් ලබාදුන් බවත්, අධික වියදමක් දරා කාලය කා දැමීමේ ක්‍රියාවලියක් පමණක් එහිදී දක්නට ලැබුණු බවත්ය.
මෙම කාරණය හේතුවෙන් කමිටුවෙන් ඉවත්වීමට තීරණය කළ බවද හෙතෙම ප්‍රකාශ කළේය.