ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් සම්පූර්ණ වන්නේ 20 වැනි සංශෝධනය ද සම්මත වූ පසුව බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ පමණින් එය සම්පූර්ණ යැයි පැවසිය නොහැකි බව ඇමතිවරයා පවසා සිටියේය.
මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පෙරමුණ ගත්තේ සහ නායකත්වය සැපයූයේ ජාතික හෙළ උරුමය බවත්, තම පක්ෂය සඳහන් කළ කාරණා අද ඉෂ්ට වී තිබෙන බවත්, ඔහු සඳහන් කළේය.
සිය අමාත්‍යාංශයේදී අද (29දා) පෙරවරුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කථා අවසන් කළ යුතු බවයි. ඉදරියේදී රටේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කිරීමට කාලය යොදා ගත යුතු බවද අමාත්‍යවරයා පවසා සිටියේය.