දඹුල්ල නගරයේ රන් භාණ්ඩඅලෙවි සැලකින් රුපියල්99,000ක් පමණ වටිනා රන් වළල්ලක් සොරකම් කළ කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලිස් ප්රශ්න කිරීම්වලදී වළල්ල කාණුවකට දමා තිබියදී සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට පත් සැකකාරියන් මව සහ දියණියන් වන බවත් පොලීසිය සඳහන් කරයි. ඔවුහු දඹුල්ල ප්රදේශයේ තාවකාලිකව පදිංචි කටුබැද්ද, පානදුර සහ සීදූව ප්රදේශවල පදිංචිකාරියන් බවද පොලීසිය හෙළිකර ගෙන තිබේ.
සැකකාරියන් අද (12දා) දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.