දිවයින පුරා වැසි සහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉදිරිය පැය 36 සඳහා වන කාලගුණ විද්‍යා නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුය මේ බව දන්වා සිටියි.
මේ අනුව නැගෙනහිර, උතුරු මැද, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවයි හැකි බව හා උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන බවද එහි දැක්වෙයි.
සෙසු ප්‍රදේශවල සවස 2.00න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙන බවත් නැගෙනහිර, ඌව පළාත්වලත් මාතලේ හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලි මීටර් 100 පමණ තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.