ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් කිසිවෙකු හෝ අසත්‍ය ප්‍රකාශ කරමින් යනවා නම් තමන් ඇතුළු පක්ෂයේ නායකයන්ගේ වහලා තියෙන කටවල් ඇරීමට සිදුවන බව ශ්‍රීලනිප මහලේකම් අමත්‍ය දුමින්ද දිසානායන මහතා අද (18දා) පැවසීය.
විශ්වාසභංග යෝජනාවේදී සිදුවූ සත්‍ය ප්‍රකාශ කරමින් රට වටා යන බවට ඇතැම් අය ප්‍රකාශ කර තිබෙන බවත්, ඔවුන් එසේ කරන්නේ නම් සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්දැයි රටට පැහැදිලි කිරීමට තමන්ට සිදුවන බවත් දිසානායක මහතා කීවේය.
ආණ්ඩුවෙන් ඉවත් වන බව දන්වා ඇති ශ්‍රීලනිප 16 දෙනා ආරක්ෂා කිරීමට විශ්වාසභංගයේදී ඡන්දය ප්‍රකාශ නොකළ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් 23 දෙනා සෑමවිටම කටයුතු කළ බවත්, ආණ්ඩුවේ මතබේද ඇතිකිරීමට එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රීලනිපයේ කුඩා කණ්ඩායම් දෙකක් කටයුතු කළ බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
ආණ්ඩුව පවත්වාගෙන යෑමට තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය නොවන බවත්, ආණ්ඩුව හොඳ යෝජනාවක් ගෙන එන සෑමවිටම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් සහය ලබාදෙනු ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
තමා එක්සත් ජාතික පක්ෂයට තල්ලු කිරීමට ඇතැම් අය බලා සිටින බවත්, තමා හෝ මහින්ද අමරවීර මහතා කිසිදු අවස්ථාවක එජාපයට නොයන බවත් පැවසූ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන්ට චෝදනා කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් අය බවයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ විය.