වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ට අයත් ආයුධ ගබඩාව බිඳීම සම්බන්ධ සිද්ධියේ පරීක්ෂණ මාතලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරී යටතට පත්කළ බව පොලීසිය පවසයි.
ඊයේ (22දා) මෙම සිදුවීම සිදු වූ අතර එහිදී අවි ගබඩාවේ තිබී ටී. 56 ගිනිඅවියක්, රීපිටර් වර්ගයේ ගිනි අවි දෙකක් හා බෝර 2 පතරොම් තුවක්කු දෙකක් සොරාගෙන ඇත.
මාතලේ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විල්ගමුව පොලීසිය හා මාතලේ කොට්ඨාස අපරාධ විමර්හන ඒකකය, කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.