වසවිස නැති රටක් නිර්මාණය කිරීමේ මහ පෙරළියඑළඹෙන 07 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකරන බව උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අභයගුණර්වධන මහතා සඳහන් කළේය.
'මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්' ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අවුරුදු තුනකින් වසවිස නැති රටක් නිර්මාණය කිරීමේ ප්‍රතිපත්ති ප්‍රකාශය 07 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී එළිදක්වන බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව රට සහලින් ස්වයංපෝෂිත වී තිබෙන නිසා පාන්පිටි වෙනුවට සහල්පිටි හඳුන්වාදීමේ ජාතික වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වන බවත්, මේ හරහා ඉදිරි වසර කිහිපය තුළ තිරිඟු පිටි ගෙන්වීම 40%කින් අඩුකරගැනීමට අවශ්‍ය සැලසුම්ද සකස් කර තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ විදේශජාතිකයන් සිදුකරන ජාන මංකොල්ලය වැළැක්වීමටගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබෙන බවයි.