මේ වසරේ දෙවැනි මදුරු මර්දන සතිය එළැඹෙන 10 දා සිට 16දා තෙක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය. කොළඹදී අද මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් දැක්වීය.
බස්නාහිර පළාතේ කොළඹ නගරසභා බල ප්‍රදේශය, දෙහිවල නගර සභා බල ප්‍රදේශය හා කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු මදුරු ව්‍යාප්තිය දැඩිව පවතින බවද ඔහු සඳහන් කළේය.