2014 දෙසැම්බර් මාසයේ උද්ධමනය 2.1% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 1.5% සිට තරමක ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත 2014 නොවැම්බර් මාසයේ 1.5% ක් ලෙස පැවති අතර, එය දෙසැම්බර් මාසයේදී 2.1% ක් ලෙස මෙසේ ඉහළ ගොස් ඇත.
මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය නොවැම්බර් මාසයේ වාර්තා කළ 3.5% සිට නොවැම්බර් මාසයේදී 3.3% දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.