වසරක් ඇතුළත ගුරු පුහුණු මධ්‍යස්ථාන සියල්ලම සකී‍්‍රය කරනවා
ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් ගොඩනගන ලද දීපව්‍යාප්ත ගුරු පුහුණු මධ්‍යස්ථාන 109ක් පවතින නමුත් ඒවා මේ වනවිට නිසියාකාරව ක්‍රියාත්මක නොවන තත්වයට පත්ව ඇති බවත්, වසරක් ඇතුළත එම සියලූ ගුරු මධ්‍යස්ථාන නවීකරණය කොට, ඒවා යලි නගාසිටුවමින්, සක්‍රීය ගුරු පුහුණු මධ්‍යස්ථාන බවට පත්කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
පාසල් පරිපාලනයේ දී විදුහල්පතිවරයාට සුවිශේෂ කාර්යභාරයක් හා වගකීමක් පවතින බවත්, කැපවීමෙන් තම සේවය ඉටුකරන විදුහල්පතිවරුන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබාගැනීම සඳහා පුහුණු අවස්ථා ලබාදෙන බවත්, මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ය. සියලූ ම දරුවන් තමන්ගේ දරුවන් යන හැඟීමෙන් කටයුතු කරන, තමන්ගේ පාසලේ දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නංවා පෙන්වන, කැපවීමෙන් වැඩකරන ගුරුවරුන්ට තව තවත් ඉලක්ක ලබාදෙමින්, පුහුණු අවස්ථා සඳහා ඔවුන් යොමුකරන බවත් කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව සුදුස්සාට සුදුසු තැන දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද(30), කුරුණෑගල වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයේ උත්සවයකදීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

