පාලකයන්ගේ හා බලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා පසුගිය සිංහල අලුත් අවුරුද්දේ සිට මෙවර සිංහල අලුත් අවුරුද්ද දක්වා කාලය තුළදී වෛද්‍ය පීඨවල අධ්‍යාපන කටයුතු සිදුකර තිබෙන්නේ මාස 03 කටත් අඩු කාලයක් බව ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සඳහන් කරයි.
මේ වසර තුළදී ගෙවීගිය කාලය තුළ විභාග ගණනාවක් පැවැත්විය යුතු බවත්, එහෙත් එක් විභාගයක් හෝ මෙතෙක් පවත්වා නොමැති බවද එම සංගමයේ ලේකම් මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
මීට අමතරව 2016 වසරේදී උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ සැලකිය යුතු පිරිසකට වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකිවී තිබෙන බවද පවසා සිටියේය.
2017 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව කිසිදු ශිෂ්‍යයෙකු ඇතුළත් කර ගැනීමට නොහැකිවූ බවත් මෙම තත්ත්වය නිසා ඉදිරියේදී සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමත් දින නියමයක් නොමැතිව කල්යන බවද සඳහන් කළේය.
මේ ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍යයන් මහපාරේ අරගල සිදුකරද්දීත් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබාදීමට බලධාරීන් හා පාලකයන්ට නොහැකි වීම නිසා වෛද්‍ය විද්‍යාල කටයුතු අඩපණවූ බවත්, මේ වනවිට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල ආරම්භ කළ වැඩවර්ජනයට අදාළව නිසි විසඳුම් ලබාදීමට පාලකයන් හා බලධාරීන් කටයුතු නොකිරීමෙන් වෛද්‍ය විද්‍යාලවල දොරක්වත් විවෘත කරගැනීමට නොහැකිවී තිබෙන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.