(UPDATE) ජනපති පදවිප්‍රාප්ති වර්ෂපුර්ණයේ නිළ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේවනවිට අමතමින් සිටි. ජනාධිපතිවරයාගේ කථාව පහත පරිදිය
මම වඩාත් සතුටුවුන දවස පසුගිය වසරේ නොවැම්බර් 21
මට මා පිළිබඳව න්‍යාය පත්‍රයක් නැහැ
මට ජනාධිපතිවීමට ඡන්දය දුන් නොදුන් සැමට ස්තුතියි.
ගත වු වසර ත්‍රාසජනකයි, විනෝදාත්මකයි, අත්දැකීම් බහුලයි,
හැමෝම මගෙන් එක ප්‍රශ්නයක් අහනවා
ඉදිරි පස්වසරෙන් පසුව විධායක ජනාධිපති ධූරට අත්හැරීමෙන් පසුව මගේ තත්වය කබදුද කියලා
මට අවශ්‍ය වන්නේ ඉදිරි පස්වසරක කාලයට පසුව මගේ තැන නොවෙයි රට තිබිය යුත්තේ කොතැනද කියලයි.
මට මා පිළිබඳව න්‍යාය පත්‍රයක් නැහැ රට පිළිබඳ න්‍යාය පත්රයකුයි මට තිබෙන්නේ
නව ව්‍යවස්ථාවෙන් රට බෙදනාවා , බුද්ධාගමට මුල් තැන දීම නවත්වනවා, විදේස් බලවේග වලට යටවෙවා කියලා බෝහෝ දෙනා කියනවා
නමුත් මම කියනවා ඒ කිසි දෙයක් නොවෙයි
රටට අවශ්‍ය ඔබට නොපෙනෙන වෙනසයි අපි කරන්නට සුදානම් වෙන්නේ කියලයි මම කියන්න කැමතියි
පසුගිය වසර රටට මැතිවරණ වසරක්
එක්සත් ජාතින්ගේ මහලේකම්ට මම ස්තුති වෙනවා අපිට සුබපැතීම පිිළිබදව
අපේ රට ගොඩනගන්න අපිට තිබෙන බාධා හදුනාගත යුතුයි
අපිට කැප කිරීම් කරන්න සිදුවෙනවා
උතුරේ දකුණේ ආගමික ජාතිවාදී අන්තවාදය සුනුවිසුනු කළ යුතුයි
රටට ස්ථිරසාර සාමයක් ඇතිකරගැනීමට යුද්ධයට හේතුවු කරුණු අප සෙවිය යුතුයි
රට ගොඩනගන්නට සෑම කෙනෙකුට තිබෙන උවමනාව අපි එක ගොඩකට ගත යුතුයි
රටේ ප්‍රධාන පක්ෂ එකතුවී කටයුතු කිරීම ඇතැමෙකුට විදවන්නේ වැතිකමක් තිබෙනවා
නමුක් ලෝකයේ බොහෝදෙනාගේ සහයෝගය මේවනවිට අපිය තිබෙනවා
රටවෙනුන් රටේ යහපත වෙනුවෙන් එව සියලූ අභියෝග ආදරයෙන් වැළදගැනීමටත් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමටත් මම අධිෂ්ඨාන කරගෙන සිටිනවා
මම භායානකම අභියෝගය භාරගත්තේ 2014 නොවැම්බර් 21 දා
කවුරුහරි ඇහුවොත්බ මගේ ජීවිතයේ සතුටුම දවස කවද්ද කියලා
ඒතමයි 2014 නොවැම්බර් 21 දා. තනකුරු බලය අතහැරි දවස
ලෝකය වේගයෙන් ඉදිරියට යනවා
එයට අපේ දරුවන්ද එකතුකළ යුතුයි
දරුවන්ගේ හෙට දවස ශක්තිමක් කළ යුතුයි
කුමන අකාරයේ අභියෝග පැමිණියත් කළ යුතු වෙනස්කම් කිරීමටත් ගතයුතු තීරණ ගැනීමටත් මා කිසිම විටක පසුබට වෙන්නේ නැහැ
රටේ හෙට දවස සුභදායක කිරීමට සියලුදෙනා අත්වැල්වැදගන්නා ලෙස මා ආරාධනා කරනවා
මීය වසර පහකට පමණ පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව ඝාතයකරීමට පැමිණි සිවරාජා ජීනීවන් නැමැත්තාය අද දිනයේදී ජනාධිපතිවරයා සමාව ලබාදුන් අතර මේ අවස්ථාවේිදී වේදිකාවට පැමිණ සමාව ගත්තේය