නවතම LMRB ජාතික මාධ්‍ය සමීක්ෂණ වාර්තාවට (NMS) අනුව වැඩිම පාඨක පිරිසක් කියවන දිනපතා පුවත්පත් අතරින් දෙවැනි ස්ථානයට පත්වීමට 'අද' පුවත්පතට හැකි වී තිබේ. වසර දෙකක් වැනි කෙටි කලකදී 'අද' පුවත්පතට මෙතරම් ඉහළ පාඨක ප්‍රතිචාරයක් ලබා දුන් පාඨක ඔබ සැමට සහ අලෙවි නියෝජිතවරැන්ට 'අද' කර්තෘ මණ්ඩලයේ සහ විජය පුවත්පත් සමාගමේ ගෞරවනීය ස්තූතිය පුදකරමු.
මෙවර සමීක්ෂණ වර්තාවට අනුව වැඩිම පාඨක පිරිසක් කියවන දිනපතා පුවත්පත ලෙස 'දිනපතා ලංකාදීප' පුවත්පත යළිත් ඉදිරියෙන්ම සිටින අතර වැඩිම පාඨක පිරිසක් කියවන සතිපතා පුවත්පත වන්නේ 'ඉරිදා ලංකාදීප' පුවත්පතයි. මේ සියලු ප්‍රකාශන විජය පුවත්පත් සමාගමේ ප්රකාශනවේ.