පසුගිය වසර දෙකේදී තමන්ට පදනම් විරහිත චෝදනා ඉදිරිපත් වූ බවත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් වසර දෙකක් අරගල කළ බවත් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පැවැසුවාය.
ඊයේ (28දා) අගවිනිසුරුධුරයට පත් ඇය අද (29දා) එම ධුරයෙන් විශ්රාම ගත්තාය
නව අගවිනිසුරු ලෙස පත්වීමට නියමිත කේ. ශ්රීපවන් මහතාට සුබ පතන බවත් ඇය පැවැසුවාය.
සිය අරගලයේදී තමන් සමග සිටි සියලු දෙනාට ස්තූතිවන්ත වන බවත්, පසුගිය කාලයේදී හිරේ ගියා වැනි පීඩනයකින් සිටි බවත් ඇය පැවැසුවාය.
එම කාලය නිමාවූ බවත් සාධාරණය ඉෂ්ඨ වූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ශ්රී ලංකාවේ අධිකරණ ක්ෂේත්රයේ අධිකරණ විනිසුරුවරු රැසක් හා නීතීඥවරුද අැයගේ විශ්රාම ගැනීමේ අවස්ථාවට එක්වූහ.