2013 වසරේ පෙබරවාරි මාසයේ 7දා මාතර තුඩාව ප්‍රදේශයේ කොන්ත්රාත්කරුවෙකුගේ හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජන කර පහරදීම සම්බන්ධයෙන් ඊයේ (18දා) පොලීසියට බාරවූ තුන්වන ගැමුණු හේවා බලඇණියේ මාතර යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී කපිතාන් භාරත කොඩිතුවක්කු ලබන 23දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂාද සිල්වා මෙනවිය අද (19දා) නියෝග කළාය.
ඉඩම් ආරවුලක් මත මෙම සිදුවීම සිදුව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මාතර පොලීසියට එවකට පැමිණිලි කළද පැමිණිල්ල විභාග කර නැති බව වාර්තාවෙයි.
මේ සම්බන්ධව නැවත වරක් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ආරම්භවිය.