අප්‍රේල් මාසයට පෙරාතුව නොමිලයේ වයිෆයි ලබාදෙන බවත් වසර අවසානයට පෙරාතුව සෑම ගමකටම නොමිලේ වයිෆයි ලබාදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
පුත්තලමේදී පැවැති එජාප ජනහමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ඊයේ (05දා) පැවසීය.
“අප්‍රේල් මාසයට ඉස්සෙල්ලා නොමිලේ වයිෆයි ලබාදෙන බව කියන්න කැමතියි. මේ වසර අවසන් වීමට ප්‍රථම හැම ගමකටම වයිෆයි නොමිලයේ ලබාදෙන පොරොන්දුව ඉෂ්ට කරනවා කියලා අපි කියන්න කැමතියි. ඒකයි ලොකුම ප්රශ්නය. ජංගම දුරකථන තියෙනවා. වයිෆයි නෑ. වයිෆයි දුන්නට පස්සේ යාළුවන්ට ගැහැනු ළමයින්ට ඔක්කොටම වයිෆයි පණිවිඩ එවන්න පුළුවන්.
වැඩිහිටි අයගේ මුහුණ බලපුවාම වයිෆයි නොමිලේ දෙන එකට කැමති නෑ වගේ. ගැහැනු ළමයි මොනවා කරයිද දන්නේ නෑ. අපි වයිෆයි එක දෙමුකෝ. අපි අවුරුදු 10ක් විපක්ෂයේ හිටියා. ආපහු එතැනට යන්න ඕනද? ආපහු පොහොට්ටුවේ යුගය ඇතිකර ගන්න ඕනද? නිශ්ශබ්දයක් ඒ කියන්නේ කැමතියි කියලා. ඒ නිසා පෙබරවාරි 10 ගමේ ආණ්ඩුව අපට ලබාදෙන්න ඉතිරි වැඩකටයුතු එතැනින් ගෙනියන්නම්” යැයි වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.