වසර හතක පමණ දීර්ඝ කාලයක් පරිහරණය කළ හැකි පෙළපොත් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, ඒ යටතේ වන පළමු පොත ලෙස හතවසර (07) භූගෝල විද්‍යා පෙළපොත 2017 වසරේ පාසල් වෙත නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.
මෙම පෙළපොත් පැහැදිලි වර්ණයෙන් සහ පැහැදිලි අකුරු සහිතව මුදුණය කර ඇති අතර, පොතෙහි පිටු නොඉරෙනසුලු වීම සහ පොත තුළ අඳින ලද දේ මකාදැමීමට හැකිවීම මෙම පෙළපොතෙහි විශේෂත්වයක් වේ.
සාමාන්‍යයෙන් මෙරට වසර දෙකකට වරක් පෙළපොත් මුදුණය කරන අතර, ඒසඳහා විශාල මුදලක් යොදවනඅතර, එම මුදල් ප්‍රමාණය ඉතිරිකරගැනීමත්, පෙළපොත් වැඩිකාලයක් භාවිත කිරීම සඳහාත් මෙම පියවර ගෙන ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රීලංකාව තුළ ප්‍රථම වතාවට ක්‍රියාත්මක කරන මෙම ක්‍රියාවලිය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස පෙළපොත් 1000 ක් මුද්‍රණය කර ඇති අතර, ඒ සඳහාපාසල් සිසුන්,ගුරුවරුන් සහ අධ්‍යාපන විශේෂඥයන්ගේ අදහස් ලබාගෙන තිබේ.
මෙහි මූලික අදියර ලෙස හතවසර (07) භූගෝල විද්‍යා පෙළපොතහි පිටපත් ලක්ෂ 05 ක් පමණ මුද්‍රණය කිරීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සැලසුම්කර ඇති අතර, ඒයටතේ සිංහල පිටපත් ලක්ෂ 03 ක්, ඉංග්‍රීසි පිටපත් ලක්ෂයක් සහ දමිළ පිටපත් 60,000 ක් පමණ මුද්‍රණය කිරීමට නියමිතය.
2017 සහ 2018 වසර දෙක තුළ මෙම පොළපොත් පරිහරණය පිළිබඳ නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කර පසුව එවැනි පෙළපොත් මුද්‍රණය කිරීමට යොමුවන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.