කොළඹ කොටස් වෙළෙඳ පොළේ සමස්ත මිල දර්ශකය (ASPI) ඊයේ (21දා) ඒකක 7,000ක් සීමාව ඉක්මවා යමින්, ඒකක 7,004.75ක් වාර්තා කළේය.
2011 වසරේ අගෝස්තු 18 වැනිදා සමස්ත මිල දර්ශකය ඒකක 7,030.85 සීමාවට පැමිණීමෙන් වසර තුනකට පසුව එය ඒකක 7,000 සීමාව ඉක්මවා ගිය ප්රථම අවස්ථාව මෙය බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.
2014 වසර තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ සුවිශේෂී ප්රගතියක් වාර්තා කර ඇති අතර, සමස්ත මිල දර්ශකය (ASPI) හා S & P ශ්රී ලංකා 20 යන මිල දර්ශකයන් වසර තුනකින් ඉහළම අගයන් වාර්තා කර තිබේ.