ගෙවීගිය වසර තුනක කාලය තුළදී ආර්ථිකය නිවැරදිව හසුරුවා නොමැති නම් ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ගෙවීගිය වසර තුනක කාලය පුරා ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය නියෝජනය කළ බවත්, කැබිනට් මණ්ඩලය පත්කරනු ලැබුවේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
මේනිසා කැබිනට් මණ්ඩලය ගන්නා තීන්දු තීරණ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් බවත්, කැබිනට් මණ්ඩලය ගතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්ද කැබිනට් මණ්ඩලය නියෝජනය කරන බවත් හෙතෙම පවසා සිටියේය.
ප්‍රධාන ලේකම්වරයා මේ බව පැවසුවේ, ඊයේ (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
වර්තමාන ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බවත්, ජනප්‍රිය වීමට මැතිවරණ වේදිකාවල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුමන කතා පැවසුවද, ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් රට පාලනය කළ බවද හෙතෙම පවසා සිටියේය.
අවුරුදු 03ක් තුළ රට පාලනය කර ආර්ථිකය සිදුකළ දේවල් පිළිබඳ ජනාධිපතිවරයා නොදන්නේ නම් ඔහු ඉල්ලා අස්විය යුතු බවද ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේය.