වසර 39කට පසුව ජපානයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා මෙම පිරිස පැමිණ ඇති අතර එයට නියෝජිතයන් 77 දෙනෙක් ඇතුළත් බව ජනපති මාධ්‍ය අංශය කියයි.
ඒ අනුව මෙය මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණි විශාලම ජපන් ව්‍යාපාරික පිරිස ලෙස වාර්තා අතරට එක්වෙන බවත් ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.එම පිරිස අද (25දා) පෙරවරුවේදී ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහතා හමුව තිබේ.