වසර 30ක කාලයක් සඳහා බැදුම්කර නිකුතුවක් කිරීමට තීරණය කළේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලය නොවන බවත් එම තීරණය ගත්තේ මහා බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බවත් ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා බැදුම්කර කොමිසම හමුවේ අද (28දා) හෙළි කළේය.
වසර 30ක කාලයක් සඳහා බැදුම්කර නිකුතුව සම්බන්ධ වෙන්දේසියේදී මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බිලියන 10 සීමාව දක්වා ලංසු ලබා ගැනීමට නියෝග නිකුත් කළ බවත් දැනගත් විගසම කේන්ති ගිය බවත් නියෝජ්‍ය අධිපති වරයා සඳහන් කළේය.
ඔහුගේ මෙම පිළිතුරක් සමඟ තමන්ට එසේ කේන්ති ගියේ ඇයිදැයි කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විමසා සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු දුන් සමරවීර මහතා මෙම තීරණය දැනුම් දීම සඳහා තමා හැර අනෙකුත් නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනා සම්බන්ධ කර ගැනීම නිසා යැයිද ඔහු කොමිසම හම්වේ පැවසීය.
මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ