මහනුවර යුගයට අයත් ඓතිහාසික කුළුගම්මන රජ මහා විහාරයේ විහාරගෙය අද (14දා) අලුයම නිදන් හොරුන් විසින් බිඳ වසර 300 කට වඩා පැරැණි දහ අට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ සිරස කඩා හානි කර ඇති බවත් එම පිළිම වහන්සේගේද ඇතුලුව තවත් පිළිම වහන්සේලා පහක සිරස්පත් නිදන් හොරුන් විසින් සොරකම් කරගෙන ගොස් තිබේ.
විහාර ගෙයෙහි තබා තිබූ පිං පෙට්ටියද කඩා ඇති අතර එහි තිබූ මුදල්ද සොරකම් කර තිබේ. විහාරාධිපති මල්වතු පාර්ශවයේ කර්මාචාර්ය පූජ්‍ය ඇකිරියේ ගුණරතන හිමියන් ප්‍රකාශ කළේ, මෙම විහාරස්ථානය කිහිප අවස්ථාවකදී නිදන් හොරු බිඳ දමා නිදන් හොරුන්ට රැගෙන යාමට තරම් මුල්‍යමය වටිනාකමකින් යුත් කිසිවක් එහි නොමැති බවත්ය. විහාරස්ථානයේ ඇත්තේ ඓතිහාසික වටිනාකම පමණක් බවද උන්වහන්සේ අවධාරණය කළහ.
මොහොමඩ් ආසික්