සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ස්වෙයේ නියුතු වසර 20ක සේවා කාලයක් සම්පූර්ණ කළ සැමට ජනවාරි මාසයේ සිට විශ්‍රාම වැටුප් ලැබෙන බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසීය.ඊට අදාළ සියලුම ලිපි ලේඛන සහ නීතිමය කටයුතු මේ වනවිට සකසා අවසන් බවද පීරිස් මහතා පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.