ලෙබනන්හි වසර 15ක් කිසිදු තොරතුරක් නොමැතිව සිටි කාන්තාව සොයාගැනීමට හැකිවූ බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ඇයගේ ඥාතීන් හමුවෙමින් පැවසීය.
ඒ අනුව ඇයව කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කරන සියලු පහසුකම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන බවත් මේ අවස්ථාවේ අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය.
මහියංගණය, හසලක, 7 ඇළ ලිපිනයෙහි පදිංචි කේ. ඉනෝකා උදයංගනී නම් මෙම කාන්තාව 2002 වසරේදී විදෙස්ගතවී ඇති අතර 2006 වසරෙන් පසු ඇය පිළිබඳ කිසිඳු තොරතුරක් දැනගැනීමට හැකියාවක් නොලැබුණ බව පවුලේ ඥාතීන් අමාත්‍යවරිය හමුවෙමින් පැවසීය.
මේ සඳහා ලෙබනන් තානාපති කාර්යාලයේ තානාපතිනී ආර්.ආර්.කේ.විජේරත්න මෙන්ඩිස් මහත්මිය, තානාපති කාර්යාලයේ කවුන්සලර් ජී.ආර්.ඩී.ඩී.පේ‍්‍රමරත්න යන මහත්ම මහත්මීහු මූලිකත්වය ගෙන කටයුතු කළහ.