වසර 13කට පසුප සිංගප්පූරු රාජ්ය නායකයෙකු ශ්රී ලංකාවට පැමිණීම සනිටුවහන් කරමින් අග්රාමාත්ය ලී සියෙන් ලූන්ග් මහතා අද (22දා) දිවයිනට පැමිණීමට නියමිතය.
ඔහු 24 දා දක්වා ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙයි. සිංගප්පූරු අග්රාමාත්යවරයා හෙට (23දා) දින උදෑසන නිල හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගනු ලබයි.
ඉන් අනතුරුව ඔහු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා හමුවී නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලබන අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ශ්රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබෙනු ඇත.